Kadawara Yahana - සූනියම් ඇදහිල්ල හා සංකල්ප

සූනියම් ඇදහිල්ල හා සංකල්ප

දැනටමත් ඇතැම් ලෞකික කාර්යයන් ඉෂ්ට කර දීම අතින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන වෙනත් බලවේගයන්ගේ ජනප්‍රියත්වය වැඩි වන අයුරු පෙනේ.සමකාලීන දේව විස්.වාස ගැන අධ්‍යනයන් කරන්නන් විසින් මෙහි දී අවධානයට යොමු කර ඇති විශේෂ දෙදෙනෙක් වෙති.එනම් සූනියම් දේවතාවුන් වහන්සේ කාලි දේවත්වය.(ගොම්බ්‍රිජ්,ඔබේසේකර religious changes in sri lanka princeton Uni: 1998 page 143/4)සූනියම් යක්ෂයා,කාලි යක්ෂණිය යනුවෙන් මුල දී හැඳින්වුණු මොවුන් දේවතා තත්වයට පත් වෙමින් සිටින බව පෙනේ.(පිටු 41) 

ලාංකික ඇදහිලි විශ්වාස අතර බල පවත්වන දේව යක්ෂ භූත මණ්ඩලයේ ප්‍රධාන යක්ෂයන්ගෙන් කෙනෙකු බවට පත් ව ඇති සූනියම් යක්ෂයා,සූනියම් දේවතාවා ලෙස හඳින්වේ.සිංහල යකුන් හා දෙවියන් අතර අර්ධ යක්ෂ - අර්ධ දේව ගණයට වැටෙන් ඇත්තෝ ඉතා අල්පය.එයින් කෙනෙකි,සූනියම් යකා.අව පක්ෂයෙහි සූනියම් යකා නමින් ලොව සැරිසරන ඔහු පුර පක්ෂයෙහි සූනියම් දේවතාවා නමින් හැඳින්වේ.දේවතා විලාසයෙන් පෙනී සිටින ඔහු සුදු ඇඳ සමන් මල්  රැගෙන සෑම දිනකම අළුයම දෙකට පමණ පන්සල් විහාර හා දේවාල අශ්‍රිතව සක්මන් කරති.පුණ්‍ය ක්‍රියාවල යෙදෙතැයි ද විශ්වාසයක් ඇත.දේවතා විලාසයෙන් ලොව ආරක්ෂා කරන මොහුගේ යක්ෂ භාවය ප්‍රයෝජනයට ගන්නා කට්ටඩ්යෝ ඔහු මුල් කරගෙන තම්න්ගේ නොරිස්සන්ට වින කරති.මේ ආතින් සලකන විට මෙවැනි භූමිකාවක් ඇති වෙනත් විශ්වාසයක් සිංහල ඇදහිලි අතර නැත. ඒ නිසා ගම්බාර වශයෙන්  ලොව රකින එතුමා ඔඩ්ඩිස සූනියම් යකා යන නමින්, වින කාරකයන්ට මුලින්ම වින නැති කර, සෙත සදන්නට උදව් වෙයි.ගම්බාර දෙවියන් වෙනුවෙන් පිටිසර ගෙවල් වල වෙනම මල් පැලක් සාදා හෝ නැතිව පහන්ක් දැල්වීමේ චාරිත්‍රයක් ඇත. 

සූනියම් යාග ශාන්තිකර්මවල දී පුද ලබන ප්‍රධානියා වන්නේ සූනියම් දේවතාවා ය. විටෙක සූනියම් දෙවි හැටියට ද තවත් විටෙක සූනියම් යකා හැටියට ද පුද ලබන සූනියම් දේවතාව  කෙරේ සිංහල සමාජයෙහි ගෞරවා සම්ප්‍රයුක්ත විශ්වාසයක් ද ඇත්තේ ය. ගම් දනව් ආරක්ෂා කර සොර සතුරු බිය පලවා හරීමේ ශක්තියක් ඇති දෙවි කෙනෙකි. 

සෙසු යක්ෂ කොට්ඨාශ මෙන්ම සූනියම් යකා මනුෂ්‍යයාට දිෂ්ටි හෙළා බරපතල හානි කරන බවක් නොපෙනේ.එහෙත් බොහෝ විට වින දොස් දුරු කිරීමේදී ඔහුගේ උදව් ලබා ගැනීමට සිදු වේ.අවශේෂ ශාන්ති කර්මයන්හි දී පවා සූනියම් යකාගේ දායකත්ව ලබා ගන්නේ යකුන් අතර දේවත්වයක් ලබා ඇති විශේෂ වූ පුද්ගලයකු ලෙස ය. එනම් යකැදුරු පක්ෂය හා ආතුර පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම ඔහු වෙත පැවරී ඇති බැවිනි.යකුන්ට අධිපතීත්වයක් ඇති සූනියම් දේවතාවා හැම යක් තොවිලයක්ම ආරම්භයේ දී තනවා ඇති සූනියම් වීදියට ආරාධනා කොට ඉන් පසුව යාගය ආරම්භ කිරීම සිරිතක් ව පවත්නේ එබැවිනි.(මෙම පිළිවෙත ගාඅලු,මාත්‍ර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට සීමා වී ඇතා

සූනියම් දෙවියන් ඇදහීම නගරබද ව මෙන් ම ගම්බදව අදත් දැක්ක හැකිය. දකුණු පළාතේ,උඩරට සහ සබරගමුවෙත් ගෙමිදුලේ පහන්ක් දැල්වීම අදත් පවතියි.එම පහන හැන්දෑවේ හයට පෙර දැල්විය යුතු යැයි සමහරු කියති.එලෙසම එම පහන රාත්‍රි දහයෙන් පසුව දැල්වීමද සිදු කෙරෙයි.එය සූනියම් දෙවියන් මෙලොව සංචාරය කළ වේලාව හා සම්බන්දය.අකුරැස්ස සහ මාතර සූනියම් දෙවියන්ට පහන් දැල්වීම හැමවිටම කාන්තාවන් විසින් කළ යුතු විශ්වාසයක් තිබේ.

ලක්දිව ශාස්ත්‍ර කාරයන් වැඩි දෙනෙකු පේන කියන්නේ සූනියම් දේවතාවා ආවේශයෙනි.සූනියම් යන වදන අසත්ම බොහෝ දෙනකුගේ සිත් තුළ නැගෙන්නේ භයංකාර සිතුවිලි මාලාවෙති.සූනියම් යන්න මිනිසාට වින කරන භයානක දෙයක් ලෙස ලාංකීය සමාජයේ මුල් බැස ගත් චිත්තනයක් බවට පත් වී ඇත.

සූනියම් යනු ශුන්‍ය කිරීම හෙවත් නැති භංග කිරීමයි.මෙය සූනියම් කිරීම හා සූමියම් කැපීම යන අර්ථ දෙකකින් ව්‍යවහාර වෙයි.සූනියම් කිරීම යනු මිනිසුන්ගේ දියුණුවට බාධා කිරීම් අරභයා මඟුල් තුලා,නඩු හබ,ඉඩකඩම් දේපළ ආදී නානා කරුණුවලට හානියක්,විනයක් පැමිණවීමත් ඔවුන් රෝගාතුර කිරීමත් සඳහා ඊර්ෂ්‍යා සහගත චේතනාවෙන් කරනු ලබන්නකි.සූනියම් ශාන්තිකර්ම හේතුව ලෙස දක්වා ඇත්තේ මෙසේ ය.

  මහා සම්මමත රජුගේ බිසොව වන මැණික්පාල දේවියට වසත්ව මරු විසින් පොළොං විසක් ඊර්ෂ්‍යා සහගත ව එතුමියගේ සිරි යහනට යවන ලදී. ඉන් දේවියට ඊර්ෂ්‍යා සහගත් ව එතුමියගේ සිරි යහනට  යවන ලදී.ඉන් දේවියට මහත් විපත්තියක් හා වින දෝෂයක් ඇති විය. ව්ය දුරු කිරීම පිණිස ශක්‍රයා ගේ නොයෝගයෙන් විෂ්ණු දෙවියන් ඇතුළු දේව සමාගමයේ සහභාගිත්වයෙන් ඔඩ්ඩිස නම් සෘෂිවටයා විසින් මේ ශාන්ති කර්මය සිදු කළ බව කියැවේ.

වින කිරීමෙන් ඇතිවන ලෙඩවලින් මිදීමට කරන හෙයින් මේ තොවිලය සිවු නියම හෙවත් හූනියම විය.මේ හා සැබැඳුණු වෙනත් කතන්දරයෙකි.ශක්‍ර දෙවියන් විසින් පොළොව මත මිනිස් වාසය ඇති කැරිණි.ඒ මහා සම්මත ය.ඔහු විෂ්ණු දෙවි යන්ගේ නැඟණිය වූ මණිපාල දේවිය සමග විවා පත් විය.මහා සම්මත රජු දෙව්ලොව උත්සවයකට ගිය අතරේ මාරයා පැමිණ  බිසව වරදෙහි බඳවා ගන්නට තැත් කොට වැරදිණි.කෝප වූ මාරයා නා විස ගෙන බිසවට වින කළේය.බිසෝ තොමෝ මහත් සේ අසනීප වූවා ය.ශක්‍රයා කීවේ මෙය කොඩිවිනයක් බවත් එය සුව කළ හැක්කේ අජකුට පර්වත්යේ සිටින නාගපට රුසියාට බවත් ය.නාගපට රුසියා කොඩිවිනය සොයා වින යකා ගින්නට දැම්මේය. නාගහපට රුසිවරයා මුලින්ම සූනියම් තොවිලයක් කොට කොඩිවිනය නැති කළේ ය. පසුව මාරයා එසේ වින කිරීම සූනියම් යකාට බාර කළේ ය.ලෙඩ කරන්නේ ඔහුයෑය සුව කරන්නටයි,සූනිඅම් තොවිලය කරනුයේ.

සූනියම් කැපිල්ල ශන්ති කර්මයක් කරන්නේ සූනියම් දේවතාවා මුල් කර ගෙන හට ගත් රෝග නිසාම පමණක් නොව් කොඩිවින ආදියකින් පැමිණි උපද්‍රව ද දුරු කරගනු පිණිස ය.කොඩිවිනයකදී පවා ප්‍රධාන වන්නේ සූනියම් යකා ය.(18 : පිටු  110/1)

සූනියම් යන්න සිව් නියමය යන අරුතින් ව්‍යවහාරයට එක් වුවක් බව පාරම්පරික ශිල්පීන්ගේ පිළි ගැනීම යි.එ අනුව තිස් අට මඟුල,විසි අට මඟල,දස අට මගල හා හත් අට මඟල යනුවෙන් හැඳින්වුණු එකී සිවි නියමයන් පශ්චාත් කාලීන ජනතාව අතර සූනියම් වශයෙන් ව්‍යවහාර වන්නට ඇතැයි සිතිය හැකිය.(17:පිටු 56)  

තමා මුහුණ පාන ප්‍රශ්නවලට හේතුව කිසිවකු විසි තමා කෙරේ ඊර්ෂ්‍යා නිසා කරනු ලබන සූනියමක ප්‍රතිඵලයකැයි යන විශ්වාසය බොහෝ දෙනා අතර ඇති බව මෙරට සමාජ විද්‍යාඥයන් කළ සමීක්ෂණයකට අනුව පෙනී යයි.තමන්ට මුහුණ පාන්නට ඇති ඕනෑම දුර්භාග්‍යයක් සම්බන්ධයෙන් සූනියම් සුදුසුතම හෙතුවක් ලෙස දැක්විය හැකිය.අන්‍යයන් විසින් සූනියමක් කර ඇතැයි යන්න කීමෙන් කර්ය හතරක් ඉටු වෙයි.පළමුව එය දුර්භාග්‍යයකට හේතුවක් ලෙස පැහැදිලිව ඉදිරිපත් කළ හැකි කාරණයකි. දෙවැනි ව ඉන් තමාගේ දුර්භාග්‍යයේ වහකීම තමා වෙතින් ඉවත් කොට තම අසල්වාසීන් වෙත පවරනු ලැබේ.මෙවැනි අවස්ථවෙක සූනියම් යක්ෂයා /දේවතාවා තමන්ට පිහිට කර ගත හැකිය.(ද්විත්ව චරිත ස්වරූපය ) එසේ තම්න්ට පැමිණ ඇති කරදරයක දී පිහිට වීමට දේවතා ස්වරූපයට හැකි වන අතර තම්න්ට වින කරන සතුරන්ට පෙරළා වින කිරීමට  යක්ෂ ස්වරූපය උපයෝගී වනු ඇත.මේ දේවතා ස්වරූපය ප්‍රබල ව පවත්නා හෙයින් සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ හෝ ගම්බාර දේවියෝ වැනි නාමයන්ගෙන් මොවුන් අමතනු දැක්ක හැකිය.කිසි විටෙකවත් සූනියම් යක්ෂයා යන නාමය භාවිත නොවේ.එහෙත් තම සතුරන්ට වින කිරීම සඳහා ඔහු යොදා ගත හැකි බවට විශ්වාසයක් පවතී.(1: පිටු 92/3)      

සූනියම් දෙවියෝ බණ්ඩාර හැට හත් කට්ටුවටද අයත් වෙති.එහි සඳහන් වන්නේ සූනියම් බණ්ඩාර යනුවෙනි.(2: පිට 31)රිචඩ් ගොම්බ්‍රිජ් මහතාට හඟුටන්කෙත ප්‍රදේශයෙන් දැන ගන්නට ලැබුණු ලැයිස්තු තුනක දොළහ දෙවිවරු තුන් ආකාරයෙන් නිරූපුත වී ඇත.එහි(1) ලැයිස්තුවේ හූනියම් යනුවෙන් ද(2) ලැයිස්තුවේ හූනියම් දේවතා බණ්ඩාර,සිද්දම්ය්ල හූනියම් දේවතා බණ්ඩාර යනුවෙන් ද සූනියම් දෙවියෝ හැඳින්වෙති.(3)ලැයිස්තුවේ සඳහන්ව නැත.